විශ්වවිද්‍යාල වෘත්තීය සමිති අද මධ්‍යම රාත්‍රීයේ සිට වර්ජනයේ..

0
352

ඉල්ලීම් 8ක් මුල්කරගනිමින් අද(12) මධ්‍යම රාත්‍රීයේ සිට වර්ජනයක නිරතවීමට විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව තීරණය කර තිබේ.

තම ඉල්ලීම් සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හෝ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය නිසි පිළිතුරු ලබානොදීම හේතුවෙන් මෙලෙස සංඛේත වර්ජනයක නිරත වීමට තීරණය කර ඇති බව ඔවුන් සඳහන් කළේය.

මේ අතර අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර නිදහස් කරන ලෙස ඉල්ලා අද විශ්ව විද්‍යාල රැසක් ඉදිරිපිට උද්ඝෝෂණ පැවැත්වීමට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සැළසුම් කර තිබේ.

වයඹ, රජරට, සෞන්දර්යය, අග්නිදිග, විශ්වවිද්‍යාලවලත් කොළඹ සහ රාගම වෛද්‍ය පීඨ ඉදිරිපිටත් නයිවල, කුරුණෑගල සහ තංගල්ල යන උසස් තාක්ෂණ අධ්‍යාපන විශ්ව විද්‍යාල ඉදිරිපිටත් මෙම විරෝධතා ක්‍රියාමාර්ග පැවැත්වීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here