Wednesday, November 27, 2024

බිත්තර මිලත් සීග්‍ර ලෙස ඉහළට. බිත්තර නිෂ්පාදකයන් අමාරැවෙි

සත්ත්ව ආහාර වල මිල ගණන් සීග්‍ර ලෙස ඉහළයාම හේතුවෙන් බිත්තර නිෂ්පාදකයන් දැඩි අපහසුතාවට පත්ව ඇති බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය සඳහන් කරයි.

සෝයා සහ බඩ ඉරිගු වල මිල ගණන් මෙලෙස ඉහළ ගොස් ඇති අතර රුපියල් 3000 ක මිලට පැවති සත්ත්ව ආහාර මිටියක මිල මේ වන විට රුපියල් 6000 ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය සඳහන් කරයි.

මේ වනවිටත් බිත්තරයක නිෂ්පාදන පිරිවැය හා සැසදීමේදී දැනට වෙළෙඳපොළ තුළ පවතින මිල ගණන් වලට බිත්තර අලෙවි කිරීමේ හැකියාවක් නොමැති බැවින් කර්මාන්තය පවත්වාගෙන යාමට නොහැකිව නිෂ්පාදකයින් සියයට විස්සක් පමණ මේ වන විට කර්මාන්තයෙන් ඉවත් වී තිබේ.

එබැවින් මේ සම්බන්ධව බලධාරීන් මැදිහත්වීමක් නොකළහොත් බිත්තර නිෂ්පාදනයේ නිරතවූවන් කිහිප දෙනෙකු අත පමණක් මෙම කර්මාන්තය රදා පැවතීම හේතුවෙන් ඉදිරියේදී බිත්තරයක මිල රුපියල් 50 ක් වැනි අධික මිලක් දක්වා ඉහළයාම නැවතිය නොහැකි බව නිෂ්පාදකයන් සඳහන් කරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles