සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සියළුම රෝහල්වලට සහ සෞඛ්‍ය සේවකයන් වෙත විශේෂ චක්‍රලේඛයක් යොමු කොට ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.
යම් පුද්ගලයෙකු කොවිඩ් ආසාදිත ද යන්න ක්ෂණිකව හඳුනාගැනීමට අවශ්‍යවන අවස්ථාවන්හීදී පමණක් ඇන්ටිජන් පරීක්ෂණයක් සිදු කළ යුතු බවට සෞඛ්‍ය අමාත්‍යංශය එම චක්‍රලේඛයට අනුව උපදෙස් ලබා දී ඇත.
මීට හේතුව වී ඇත්තේ කොවිඩ් ආසාදිතයින් හඳුණා ගැනීම සඳහා භාවිත කෙරෙන ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ කට්ටල හෙවත් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටලවල හිඟයක් පැවතීමයි.
කොළඹ ජාතික රෝහල ඇතුළු මෙරට ප්‍රධාන රෝහල් රැසක් මෙම තත්ත්වයට මුහුණ පා ඇති බව ද වාර්තා වෙයි.