පනවා ඇති ආනයන සීමා ඉවත් කරන්න – යුරෝපා සංගමය ශ‍්‍රී ලංකාවට දන්වයි

0
269

ශ‍්‍රී ලංකාව විසින් පනවා ඇති ආනයන සීමා ඉවත් කරන ලෙසට යුරෝපා සංගමය දැනුම් දී තිබේ.

බ‍්‍රසල්ස් නුවර පෙරේදා (08 දා) පැවැති යුරෝපා සංගම් රැස්වීමේදී මෙම ඉල්ලීම කර ඇත. එහිදී ශ‍්‍රී ලංකා නියෝජිතයන් සඳහන් කර ඇත්තේ කොරෝනා ව්‍යාප්තියත් සමඟ මුහුණ දී ඇති විදේශ විනිමය ගැටලූව හේතුවෙන් මෙලෙස ආනයන සීමා පැනවීමට කටයුතු කළ බවයි.

රට මුහුණ දී තිබෙන විදේශ විනිමය ගැටලූව සම්බන්ධයෙන් විටින් විට අධ්‍යයනයක් කරන බවත් එම ගැටලූව යම්තාක් දුරකට නිරාකරණය කර ගැනීමට හැකි වුවහොත් ආනයන සීමා ඉවත් කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගත හැකි බවත් යුරෝපා නියෝජිතයන් හමුවේ මෙරට නියෝජිතයන් ප‍්‍රකාශ කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here