සිය නිවසේ සේවය කළ මෙහෙකාර දැරියක් පිළිස්සීමකින් මියයාමේ සිදුවීමට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදූර්දීන් මහතාට සහ ඔහුගේ බිරිඳට පනවා තිබුණු විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය ඊයේ (09) නියෝග කළාය.
ඒ, කටාර් රාජ්‍යයේ පැවැත්වෙන සමුළුවක් සඳහා සහභාගී වීමට අවසර දෙන මෙන් ඔවුන් දෙදෙනා සිය නීතීඥයින් මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව ය.
ඒ අනුව ඔවුන්ට එරෙහිව පනවා තිබුණු විදෙස් ගමන් තහනම ලබන මැයි 24 වනදා දක්වා ඉවත් කෙරුණු අතර ඔවුන්ට විදේශගත වීමට ද අධිකරණය අවසර ලබා දුන්නේය.
මේ අතර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබද ජාත්‍යන්තර සම්මුති පනත ප්‍රකාරව චෝදනා ලැබ වසර දෙකකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි නිතීඥ හිජාස් හිස්බුල්ලා මහතා අභියාචනාධිකරණ නියෝගය ප්‍රකාරව ඇප මත මුදාහැරීමට පුත්තලම මහාධිකරණය ඊයේ (09) නියෝග කළේය.
ඒ අනුව විත්තිකාර හිජාස් හිස්බුල්ලා මහතා මුදල් රුපියල් ලක්ෂයක සහ රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට හලාවත මහාධිකරණ විනිසුරු කුමාරි අබේරත්න මහත්මිය එසේ නියෝග කළාය.