Thursday, November 28, 2024

ඔිස්ට්‍රෙිලියා ඉතිහාසයේ ඉහළම ආදායමට හිමිකම් කියන ලාංකික දියණිය

ඩොලර් 200ක මුදලක් අතැතිව ඕස්ට්‍රේලියාවට පැමිණි ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන්ගේ දියණියක් දැන් එරට ඉහළම වැටුප් ලබන ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කරන බව වාර්තා වනවා.

ඇය මේ වනවිට සතියකට ඩොලර් 315,000ක් උපයන බවයි පැවසෙන්නේ.

ඕස්ට්‍රේලියාවේ විශාලතම ආයෝජන බැංකුව වන Macquarie Group හි ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කරන ෂෙමාරා වික්‍රමනායක ඔිස්ට්‍රේලියාවේ ඉහළම වැටුපක් ලබන ප්‍රධාන විධායක නිලධාරි බවට පත්ව සිටින්නීය.

Macquarie සමූහ ප්‍රධාන විධායක ෂෙමාරා වික්‍රමනායක 2021 දී ඩොලර් මිලියන 16.39 ක් උපයා ඇති බව එරට බැංකුව සිය නවතම වාර්තාවෙන් නිවේදනය කර තිබෙනවා.

වික්‍රමනායක මහත්මිය විසින් වසරේ අවසන් මාස තුන තුළ ඩොලර් බිලියන 1.3 ක ලාභයක් ලබා ගැනීමට සමත් විය. රටේ ‘කෝටිපති කර්මාන්ත ශාලාව’ ලෙස නම් කරන ලද Macquarie සමාගම ඇය මග පෙන්වීය.

2019 දී, 60 හැවිරිදි ඇය ඕස්ට්‍රේලියාවේ ඉහළම ආදායම් ලබන ප්‍රධාන විධායක නිලධාරිනිය බවට පත් වූ පළමු කාන්තාව විය.

ඇගේ පවුල ඕස්ට්‍රේලියාවට පැමිණ අඩසියවසකට ආසන්න කාලයකට පසු, ෂෙමාරා ඕස්ට්‍රේලියාවේ වැඩිම වැටුප් ලබන ප්‍රධාන විධායක නිලධාරියා ලෙස නිල වශයෙන් නම් කරනු ලැබුවා

එම පදවිය ලබා ගත් පළමු කාන්තා විධායකවරිය ලෙසයි ෂෙමාරා ඉතිහාසගත වෙයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles