තමන් හම්බන්තොට නගර සභාවේ නගරාධිපති ධුරයෙන් සහ සභික ධුරයෙන් ඉල්ලා අස්වෙන බව එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය.
අද(10) පැවැත්වෙන නගර සභා මාසික රැස්වීමට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
පසුගිය ජනවාරි 11 වැනිදා ඔහු ඇතුළු පිරිසක් මාරාන්තික උපවාසයක් ද සිදුකරනු ලැබුවේ හම්බන්තොට ලංකා ලුණු සමාගමේ සභාපතිවරයා ඉවත් කරන ලෙස ඉල්ලමිනි.
උපවාසයේ යෙදී සිටින අතරතුර ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහීම හේතුවෙන් වෛද්‍ය උපදෙස් මත ඔහු රෝහල් ගත කිරීමටද කටයුතු කළේය.