ආණ්ඩුව තමන්ට අවශ්‍ය අවස්ථාවක ඡන්දයකට සූදානම් වන බව ජවිපෙ කියයි

0
539

කල් දමා ඇති පළාත් පාලන ඡන්ද විමසීම තමන්ට අවශ්‍ය අවස්ථාවක පැවැත්වීමට ආණ්ඩුව සූදානම් වන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

එහි දේශපාලන මණ්ඩල සභික කේ ඩී ලාල්කාන්ත මේ බව කියාසිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අනුරාධපුරයේදී ඊයේ පැවැත්වූ රැළිය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසීමකදීයි.

අද(10) දින පාර්ලිමේන්තුවේදී සමගි ජන බලවේ‍ගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මැතිතුමා සඳහන් කළේ මැතිවරණයක් ඉකමනින් පැමිණෙන බවත් ඒ සඳහා සූදානම් වන ලෙස විපක්ෂයටද දැනුම් දෙන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here