සේවක අර්ථසාධක අරමුදලේ (EPF) සහ සේවා නියුක්තයන්ගේ බාර අරමුදලේ (ETF) මුදල් ආයෝජනය කිරීමෙන් ලැබෙන ආදායම් වලින් බදු අය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉදිරිපත් කර ඇති අර්ථ නිරූපණයට විරුද්ධවීමට අමාත්‍යාංශය ප්‍රතිපත්තිමය තීරණයක් ගත් බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා.
තම අමාත්‍යාංශය ගනු ලැබූ එම තීරණය මහාභාණ්ඩාගාරයට සහ දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා වෙත දැනුම් දුන් බව පැවසූ අමාත්‍යවරයා එම බදු මුදල් ගෙවීම ප්‍රතික්ෂේප කළ බවද සඳහන් කරනවා. එම අර්ථ නිරූපණය වැරදි හෙයින් එය නිවැරදි කළ යුතු බවද මේ සම්බන්ධයෙන් වෙනම ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත්නම් එය වෙනම විවාද කළ යුතු කාරණයක් බවයි අමාත්‍ය නිමල් සිරිපාල පවසන්නේ.
“මේක මේ ගැසට් එකෙන් විතරක් ආපු එකක් නෙමෙයි. මීට කලින් ආදායම් බදු දෙපාර්තමේන්තුව මගින් අර්ථ නිරුපනයක් කරලා තියෙනවා EPF, ETF මුදල් ආයෝජනවලින් ලැබෙන මුදල් ඒ පනත යටතේ ආයෝජනයක් හැටියට එන නිසා ඒකට බද්ධක් ගෙවන්න ඕනේ කියලා.
අපේ අමාත්‍යාංශය පැහැදිලි තීරණයක් අරගෙන තියෙනවා ඒක වැරදියි කියලා. දැන් මාස ගාණක් තිස්සේ අපි එක දන්වලා තියෙනවා. එක අපේ ස්ථාවරය. ආදායම් බදු කොමසාරිස්තුමා අපෙන් ඉල්ලලා තියෙනවා මේක ගෙවන්න කියලා. හැබැයි අපි ඒක ප්‍රතික්ෂේප කරලා තියෙනවා” යි කම්කරු අමාත්‍යවරයා පවසනවා.