ගොවියන්ගෙන් විරෝධය එල්ල වෙතැයි ලද තොරතුරු මත මහින්දානන්ද ඊයේ රැලියට ගිහින් නෑ

0
481

ඊයේ (09) දිනයේ අනුරාධපුරයේ පැවැත්වූ පොහොට්ටුවේ රැළියට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහභාගිවී තිබුණේ නැහැ. කෘෂිකර්මාන්තයට සමබන්ධ බහුතරක් වෙසෙන අනුරාධපුරයේ පැවති රැලියට කෘෂිකර්ම අමාත්‍යවරයා සහභාගී නොවී ඇත්තේ වී ගොවියන්ගෙන් එල්ලවිය හැකි විරෝධය පිළිබඳව ලද තොරතුරු නිසා බවයි ඇතැම් ආරංචි මාර්ග පවසයි.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අදාළ රැලියට සහභාගී වුයේ නම් රැලියට එක්ව සිටි වී ගොවිතැනෙහි නියැලී සිටින ගොවීන් පොහොර ප්‍රශ්නය සම්බන්ධව අමාත්‍යවරයාට විරෝධය දැක්වීමට සුදානම්ව ඇති බවට ලද තොරතුරක් අනුව අමාත්‍යවරයා රැළියට රැගෙන නොඑන ලෙස සංවිධායකවරු පොහොට්ටුවේ ප්‍රධානීන්ට දන්වා ඇති බවයි කියන්නේ.

කෙසේ වෙතත් අගමැති මහින්ද රාජපක්ෂ රැස්ව සිටි පිරිස අමතද්දීත් එම ගොවි විරෝධය එල්ල වී තිබුණා.

මේ පිළිබඳව කෘෂිකර්ම අමාත්‍යවරයාගේ සමීපතමයෙකුගෙන් කළ විමසීමේදී අමාත්‍යවරයා අනුරාධපුර, සල්ගාදු රැළියට නොගිය හේතුව තමන් නිශ්චිතව නොදන්නා බව පැවසුවා.

A5 News.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here