Sunday, September 22, 2024

“ආදරණීය කතාවක්” චිත්‍රපටියට අධිකරණයෙන් තහනමක් නෑ..

ප්‍රියන්ත කොළඹගේ මහතා විසින් අධ්‍යක්ෂණය කළ “ආදරණීය කතාවක්“ චිත්‍රපටය තහනම් කිරීමේ අතුරු නියෝගයක් නිකුත් කිරීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.

නාරාහේන්පිට පොලීසිය අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත්තේ අදාළ චිත්‍රපටය තුළ දුම්වැටි පානය කරන දර්ශන 10ක් සහ මත්පැන් පානය කරන දර්ශන 2ක් ඇතුළත් බවයි.

එය දුම්වැටි සහ මධ්‍යසාර පිළිබඳ අධිකාරියේ පනතට අනුව දඬුවම් ලැබිය හැකි වරදක් බව පොලීසිය අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත.

එබැවින් “ආදරණීය කතාවක්“ චිත්‍රපටය තහනම් කිරීමේ අතුරු නියෝගයක් හෝ ප්‍රශ්නගත දර්ශන ඉවත් කිරීමේ නියෝගයක් පනවන මෙන් පොලීසිය අධිකරණයෙන් ඉල්ලා සිටි බව  වාර්තාකරු සඳහන් කළේය.

මේ පිළිබඳ විභාගයක් පැවැත්වු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා සඳහන් කර ඇත්තේ එවැනි තහනම් නියෝගයක් හෝ ප්‍රශ්නගත දර්ශන ඉවත් කරන මෙන් නියෝග නිකුත් කිරීමේ බලය අධිකරණයට නොමැති බවයි.

කලා නිර්මාණ වෙත තහංචි පැනවීම නුසුදුසු බව සඳහන් කළ අතිරේක මහේස්ත්‍රාත්වරයා කලා නිර්මාණ නගා සිටුවීම අධිකරණයේ වගකීම බව ප්‍රකාශ කර තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles