රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයට එරෙහිව කොළඹ දිසා අධිකරණයෙන් වාරණයක්

0
272

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කර ඇති වැඩවර්ජනයට එරෙහිව කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ නීතිපතිවරයා විසින් අධිකරණයෙන් සිදුකළ ඉල්ලීමකට අනුවය.

හෙද නිලධාරීන්ගේ වැඩවර්ජනය හේතුවෙන් රෝහල්වල මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු දක්වා තිබේ.

ඒ අනුව නීතිපති දෙපාර්තමේන්තුව ඉල්ලා ඇත්තේ වර්ජනය හේතුවෙන් රෝගීන් මුහුණ පා ඇති ගැටලුකාරී තත්ත්වය සමථයකට පත්කිරීම සඳහා වර්ජනයේ නිරත රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයට සහ එහි සභාපති සමන් රත්නප්‍රියට එරෙහිව වාරණ නියෝග දෙකක් නිකුත් කරන ලෙසය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here