තමන් විසින් ව්‍යාජ බැංකු පද්ධතියක් පවත්වාගෙන යන බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරනවා – තිස්ස කුට්ටිආරච්චි

0
272

තමන් විසින් ව්‍යාජ බැංකු පද්ධතියක් පවත්වාගෙන යන බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා සඳහන් කරයි.

මෙරට බැංකු නීතිය පිළිබඳව හෝ සමුපකාර නීතිය පිළිබඳ කිසිදු දැනුමක් නොමැතිව චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා තමන්ට චෝදනා එල්ල කළ බවත් මේ පිළිබඳව ඉදිරියේදී පාර්ලිමේන්තුව ප්‍රකාශයක් කරන බවද හෙතෙම පැවසීය.

තමන් විසින් රැකියා විරහිත උසස් පෙළ සමතුන් සඳහා ප්‍රාග්ධන සමුපකාර සමිතියක් දිස්ත්‍රික් නවයක් ආවරණය වන පරිදි ආරම්භ කරන තිබෙන බවද හෙතෙම පැවසීය.

මෙම සමුපකාර සමිතිය මහ බැංකුවේ ලියාපදිංචි කර ඇති බවත් තමන් දේශපාලන පැමිණි පසු අදාළ සමිතියෙ කිසිදු තනතුරක කටයුතු නොකළ බවත් හෙතෙම කියා සිටී.

මෙම බැංකුව වසර විස්සක් පුරා ම ඉතාම සාර්ථකව දිස්ත්‍රික්ක 9ක් පුරා ක්‍රියාත්මක වන බවත් හෙතෙම සඳහන් කළේය.

ග්‍රාමීය සමුපකාර බැංකුව නමින් තිස්ස කුට්ටිආරච්චි මහතා ව්‍යාජ බැංකුවක් පවත්වාගෙන යන බවත් රට පුරා ශාඛා එකසිය හැත්තෑ එකකින් මුදල් එකතු කරන බවටත් මේ සම්බන්ධයෙන් ආණ්ඩුව පැහැදිලි කිරීමක් කළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් හෙතෙම මේ අදහස් පළ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here