Wednesday, November 27, 2024

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන සමීර සම්පත් හෙවත් අබ්බා මොරටුව මෝදර එගොඩ උයන ප්‍රදේශයේදී STF සමග සිදුවූ වෙඩි හුවමාරුවකින් මරුට

ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු වන දුලාන් සමීර සම්පත් නොහොත් අබ්බා නමැත්තා මොරටුවේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ වෙඩි පහරින් මියගොස් තිබෙනවා.

පොලිසිය පැවසුවේ ඊයේ රාත්‍රියේ මොරටුව එගොඩඋයන ප්‍රදේශයේ නිවසක සැගව සිටි සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදී මෙම වෙඩි තැබීම සිදුවී ඇති බවයි

මියගිය පුද්ගලයා එගොඩ උයන, මෝදර ප්‍රදේශයේ නිවසක රැඳී සිටින බවට ලද තොරතුරකට අනුව පොලිස් විශේෂ කාර්ය බලකාය එම නිවස වටලා ඇත.

එම අවස්ථාවේ ඇති වූ වෙඩි හුවමාරුවකින් බරපතළ තුවාල ලැබූ මෙම පුද්ගලයා රෝහල්ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙම වෙඩි හුවමාරුවේදී තුවාල ලැබූ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරියෙකු රෝහල්ගතකර ඇත.

සමීර සම්පත් නමැත්තා දැනට ඩුබායි හි සැගව සිට මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවන පානදුරේ සළිඳු නමැත්තාගේ ප්‍රධාන ගෝලයෙකු අතර ඔහුගේ මත්කුඩු මෙරට තුළ බෙදා හැර ඇති බවද සඳහන්.

මොහු වයස අවුරුදු 27ක් වන මොරටුව , මෝදර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ අතර මියගිය සැකකරුට එරෙහිව මිනීමැරුම් නඩුවක් මෙන්ම කාන්තාවක් තියුණු ආයුධවලින් කපා බරපතල තුවාල සිදුකිරීමක් සම්බන්ධ නඩුවක් අධිකරණයේ විභාග වෙමින් පවතින බවද පොලිසිය සදහන් කළා.

සැකකරු සමග සිටි සැකකටයුතු පුද්ගලයින්ගේ නිවෙස් පරීක්ෂා කිරීමේදී එක් පුද්ලයෙකුගේ නිවසේ තිබී විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සොයාගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මූලික විමර්ශනවලදී මිය ගොස් ඇති “අබ්බා” නැමැත්තා විදේශ රටක සැඟව සිටිමින් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත පානදුර සළිඳු නැමැත්තාගේ ප්‍රධාන ගෝලයකු බව අනාවරණය වී තිබේ.

එසේම මෙම සැකකරු මීට මාස කිහිපයකට පෙර වලාන ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් කාන්තාවකගේ අතක් කපා දැමූ සිද්ධියේ ප්‍රධාන සැකකරු බවටද අනාවරණය වී ඇත.

වෙඩිතැබීමට යොදාගත් ගිනි අවිය සහ සඟවා ඇති බවට වාර්තා වී ඇති ආයුධ සොයා මේ වන විට පොලිස් විමර්ශන ක්‍රියාත්මකය.

මේ අතර මෙම සිද්ධියෙන් අනතුරුව එගොඩඋයන, මෝදර ප්‍රදේශයේ සහ පානදුර මූලික රෝහලේ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ගෙන් සමන්විත විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා තිබේ.

සැකකරු සමග සිටි සැකකටයුතු පුද්ගලයින්ගේ නිවෙස් පරීක්ෂා කිරීමේදී එක් පුද්ලයෙකුගේ නිවසේ තිබී විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සොයාගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු මීට පෙර මත්ද්‍රව්‍ය තොගයක් අධිවේගි මාර්ගය ඔස්සේ ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට පත්වී නඩු පවරා තිබූ අයෙක් බවටද අනාවරණය වී තිබෙනවා.

මෙම මෙහෙයුමේදී අබිබා සමග සිටි සැකකටයුතු තවත් පුද්ගලයින් 06 දෙනෙකු විශේෂ කාර්ය බලකා නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එගොඩ උයන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වති.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles