වටවලදී දුම්රියක් පීලි පැනීමෙන් උඩරට දුම්රිය ධාවනයට බාධා

0
276

අද උදෑසන 7 ට පමණ මහනුවර සිට බදුල්ල බලා ධාවනය වන භාණ්ඩ ප්‍රයාහනය කරමින් තිබූ මිශ්‍ර දුම්රිය වටවල දුම්රිය ස්ථානයේදී පීලිපැනීමට ලක්ව තිබෙනවා.

පිලි පැනිමට ලක් වු 1126 භාණ්ඩ ප්‍රවාහන දුම්රියේ තෙල් ටැංකි සහ දුම්රිය පෙට්ටි පිලිගත කරන තෙක් උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වන දුම්රියන් හැටන් දුම්රිය ස්ථානය දක්වාත් , කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වන දුම්රියන් වටවල දුම්රිය ස්ථානය ආසන්නයට ධාවනය කරවන බව දුම්රිය පාලක මැදිරිය පැවසිය.

මේ හේතුවෙන් උඩරට දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇත.

මේ වනවිට දුම්රිය පීලිගත කරමින් පවතින අතර, එය යථා තත්ත්යට පත් කරන තෙක් උඩරට දුම්රිය මාර්ගයේ ධාවනයේ ප්‍රමාදයක් සිදු වනු ඇති බව දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here