Sunday, September 22, 2024

රාජපක්ෂ පාලන සමයේ මෙන්ම මෛත්‍රී – රනිලුත් හොරු ආරක්ෂා කරනවා – සුනිල් හඳුන්නෙත්ති

මහින්ද රාජපක්‍ෂ යටතේ හොරු ආරක්‍ෂා කළ ආකාරයෙන්ම වත්මන් මෛත්‍රි – රනිල් ආණ්‌ඩුවත් හොරු ආරක්‍ෂා කරමින් සිටින බව ජනතා විමුක්‌ති පෙරමුණේ දේශපාලන මණ්‌ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා චෝදනා කළේය.

මෙම ආණ්‌ඩුව අණපනත් ලිහිල් කිරීම තුළින් සිදු කරන්නේ ඒ ක්‍රියාවලිය බවද හෙතෙම කියා සිටියේය.

සුනිල් හඳුන්නෙත්ති මහතා ඊයේ (11 වැනිදා) එම අදහස්‌ පළ කළේ පැලවත්ත බත්තරමුල්ලේ පිහිටි ජනතා විමුක්‌ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ සුනිල් හඳුන්නෙත්ති මහතා මෙසේද පැවසීය.

2003 දී එක්‌සත් ජාතික පක්‍ෂය තම පාලන කාලයේදී උත්සාහ කළා, රටේ නීති-රීති වෙනස්‌ කරමින් තමන්ගේ නව ලිබරල්වාදී ආර්ථිකයට ගැලපෙන ආකාරයෙන් ඒවා සකස්‌ කරගන්න. නමුත් ඒ වෙලාවේ ජනතා උද්ඝෝෂණ නිසා ආණ්‌ඩුවට ඒ දේවල් අතඅරින්න වුණා. සුරා බදු පනත, රේගු පනත වෙනස්‌ කරන්න ඔවුන් උත්සාහ කළා. විදුලි බල මණ්‌ඩලය ඇතුළු රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කරන්න උත්සාහ කළා. විවිධ ආයතන අධිකාරී බවට පත් කරන්න උත්සාහ කළා. මේ ක්‍රියාවලියට එරෙහිව නැගුණු ජනතා විරෝධය හමුවේ ඒවා හකුළා ගන්න සිදුවුණා පමණක්‌ නොවෙයි අවසානයේ එක්‌සත් ජාතික පක්‍ෂයට ආණ්‌ඩුව දාලා විපක්‍ෂයට යන්න සිද්ධ වුණා.

දැන් තිබෙන මෛත්‍රී-රනිල් හවුල් පාලනය එම පැරණි ක්‍රියාමාර්ග ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන්න යනවා. මෛත්‍රී-රනිල් ආණ්‌ඩුව මේ සෙල්ලම් කරමින් ඉන්නේ ජන වරමත් සමඟයි. මහජනතාවගේ ජනවරමට පිටුපාන්න මේ ආණ්‌ඩුව උත්සාහ කරනවා. මේ ආණ්‌ඩුව හදපු ජනතාවගේ වරම තිබුණේ නාස්‌තිය, දූෂණය, වංචාවට එරෙහිවයි. මේ ආණ්‌ඩුව එම මතය නියෝජනය කළ යුතුයි. දින 100 ආණ්‌ඩුව කාලයේ දූෂණ මර්දනය වෙනුවෙන් විවිධ ක්‍රියාමාර්ග සඳහා අපිත් මැදිහත් වුණා. නමුත් අද ජනතාවට දුන් පොරොන්දු උපන් ගෙයි මරා දාලා සුපුරුදු නව ලිබරල් ආර්ථික ක්‍රියාවලිය ඉදිරියට ගෙන යමින් තිබෙනවා.

ජාතික විගණන පනත එම ක්‍රියාමාර්ගවලට හොඳම උදාහරණයයි. ජනතාවගේ බලපෑම නිසා මේ ආණ්‌ඩුවට 19වන ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාව සම්මත කරගන්න සිදුවුණා. එම සංශෝධනයන්ට අනුව ජාතික විගණන සේවා කොමිසම පිහිටුවන්න සිදුවුණා. එම කොමිසම සඳහා දැන් නව කාර්යාලයක්‌ පිහිටුවා තිබෙනවා. නමුත් එම ජාතික විගණන සේවා කොමිසම බලාත්මක කිරීම සඳහා අවශ්‍ය ජාතික විගණන පනත තවමත් සම්මත කර නැහැ. ජාතික විගණන සේවා කොමිසම බලාත්මක කරන නීතිය තමයි ජාතික විගණන පනත. එම පනත ප්‍රමාදය කිරීම නිසා විගණකාධිපතිවරයාට තමන්ට අවශ්‍ය නිලධාරීන් පවා පත්කරගැනීමට නොහැකි වී තිබෙනවා. පනත ප්‍රමාදය නිසා විගණකාධිපතිවරයාගේ වැටුපවත් ලබාගන්න නොහැකි වෙලා තිබෙනවා. විගණන පනත හරහා ජාතික විගණන සේවා කොමිසමට බලය පැවරිය යුතුව තිබෙනවා. නමුත් දැන් කොමිසමට අවශ්‍ය ප්‍රතිපාදන නැහැ. අද විකණකාධිපතිවරයා පිළිබඳව විශාල සාකච්ඡාවක්‌ මතුවෙලා තිබෙනවා. පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව, ගිණුම් කාරක සභාව වැනි කමිටුවලට විගණකාධිපතිවරයාගේ මැදිහත්වීමත් සමඟ බැඳුම්කර ගනුදෙනුව පිළිබඳව විගණකාධිපතිවරයා ලබාදුන් පිටු 1251 ක ඓතිහාසික වාර්තාව නිසා ඔහුගේ කාර්යභාරය පිළිබඳව සමාජයේ ඇගයීමක්‌ තිබෙනවා. මේ ආණ්‌ඩුව ජනවරමට අනුව කටයුතු නොකළත් විගණකාධිපතිවරයා ජනවරම නියෝජනය කරමින් කටයුතු කරනවා. රටේ ජනතාව විගණකාධිපතිවරයා පිළිබඳව විශ්වාසයකින් ඉන්නවා.

අද ආණ්‌ඩුවේ ඇතැම් ඇමතිවරු විගණකාධිපතිවරයාගේ වාර්තාවලට ගහන්න පටන් අරගෙන. ලක්‍ෂ්මන් කිරිඇල්ල විගණකාධිපතිවරයාගේ වාර්තාවේ අඩුපාඩු විවේචනය කරනවා. විගණකාධිපතිවරයා තමන්ට තිබෙන සීමාකම් හමුවේ මහබැංකු බැඳුම්කර පිළිබඳව විගණන වාර්තාවක්‌ ඉදිරිපත් කළා. ලක්‍ෂ්මන් කිරිඇල්ල ඒක විවේචනය කරන්නේ ඔහුගේ අමාත්‍යාංශයට අයත් මාර්ග සංවර්ධන අධිකාරියේ උපදේශකවරු පත්කිරීමක්‌ පිළිබඳව මේ දිනවල විගණන පරීක්‍ෂණයක්‌ සිදුවන නිසාද? අමාත්‍යාංශයට සුදුසුකම් නොමැති පුද්ගලයින් පත්කරන විට ඒ ගැන පරීක්‍ෂයක්‌ කිරීම, අඩුපාඩු පෙන්වා දීම විගණකාධිපතිවරයාගේ කාර්යභාරයයි. විගණකාධිපතිවරයාට තිබෙන එම ස්‌වාධීනත්වය හෑල්ලු නොකර ඇමතිවරුන් කළ යුත්තේ තමන්ගේ අඩුපාඩු හදා ගැනීමයි. එසේ නැතිව ඇමතිවරු පනත් අක්‍රීය කිරීම සිදු නොකළ යුතුයි. තමන්ගේ අඩුපාඩු පෙන්වා දීම පිළිබඳව ඇමතිවරු විගණකාධිපතිවරයාට ස්‌තුති කරනවා වෙනුවට අද කරන්නේ ඔහුට පහර දීම.

මේ වනවිට විගණන නිලධාරීන් පනත සංශෝධනය කිරීමට ආණ්‌ඩුවට විරෝධය පළකරලා විගණන කටයුතුවලින් ඉවත් වෙනවා කියලා ප්‍රකාශ කර තිබෙනවා. අපේ රටේ ඇමතිවරු නම් ඒකට ගොඩක්‌ කැමති වෙයි. ඇමතිවරුන්ට ඕනවෙලා තිබෙන්නේ මෙම විගණන කටයුතු අඩපණ කරන එකයි. විගණකාධිපති දෙපාර්තමේන්තුව වහලා දානවා නම් මේ ඇමතිවරුන් ගොඩක්‌ම කැමති වෙයි. ඒකද ‘යහ පාලනය’ කියන්නේ? මේ ආණ්‌ඩුව තමන්ට බලය ගන්න ඕන වුණාම දූෂණයට එරෙහිව මත හැදුවට බලය ගත්තාම ඒ මතය නියෝජනය කරන්නේ නැහැ. අපේ රටේ ජනතාවට මාධ්‍යවේදීන්ට අවංක වුවමනාවක්‌ තිබෙනවා, වංචාව-දූෂණය, නාස්‌තිය නතර කරන්න. තමන්ගේ බදු මුදල්වලට සාධාරණය වෙනවාට අපේ රටේ ජනතාව කැමතියි. ඒ නිසා විගණන සේවා කොමිසම බලාත්මක කරන ජාතික විගණන පනත පා_ලිමේන්තුවට ගේන්න කියලා අපි ආණ්‌ඩුවට අවධාරණය කරනවා. ඒ වගේම වගන්ති කප්පාදු නොකර එම පනත පාර්ලිමේන්තුවට ගේන්න කියලා අපි ආණ්‌ඩුවට කියනවා.

මේ දිනවල අපේ රටේ ව්‍යාපා§කයින් ස්‌වාධීනව පාරට බැහැලා වැට්‌ බදුවලට විරෝධය පළකරනවා. දේශපාලන භේදයකින් තොරව ජනතාව උද්ඝෝෂණය කරනවා. ඒ වගේම ජනතා විමුක්‌ති පෙරමුණේ අපිත් ව්‍යාපාරිකයින් සමඟ, ජනතාව සමඟ එක්‌වී වැට්‌ බදු විරෝධී උද්ඝෝෂණ ව්‍යාපාර කරනවා. රවී කරුණානායක කියනවා මේ විරෝධතා පවත්වන්නේ බදු නොගෙවන ව්‍යාපාරිකයින් කියලා. එතකොට රවී කියන්නේ අපේ රටේ සියලු ව්‍යාපාරිකයින් බදු ගෙවන්නේ නැහැ කියලද? ගාල්ල, මාතර, කළුතර, ගම්පහ, කිරිබත්ගොඩ, අම්පාර ඇතුළු සියලුම නගරවල කඩ වහපු ව්‍යාපාරිකයෝ බදු ගෙවන්නේ නැහැ කියල ද රවී කරුණානායක කියන්නේ? ව්‍යාපාරිකයන් බදු ගෙවන්නේ නැත්නම් ඒ අඩුපාඩුව තිබෙන්නේ ආණ්‌ඩුවෙයි. ව්‍යාපාරිකයින් බදු අයකරගන්න ආණ්‌ඩුවට බැරිනම් ඒකට වගකියන්න ඕනේ රටේ මුදල් ඇමතිවරයායි. ඒ නිසා ආණ්‌ඩුවේ ඇතමුන් කරන මේ ප්‍රකාශ ඔවුන්ගේ දැනුමට තරම් නොවන ප්‍රකාශයි. මෙම ඇත්ත විරෝධය ආණ්‌ඩුව තේරුම්ගත යුතුයි. මේ ජනතාවගෙන් නැගෙන විරෝධය පක්‍ෂයක්‌ විදියට අපි නියෝජනය කරනවා. සාමාන්‍යයෙන් සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ උද්ඝෝෂණයක්‌ වෙනකොට අතැම් රෝගීන් එයට විරෝධය පළ කරනවා. නමුත් වැට්‌ බදුවලට විරෝධය පළ කරලා ව්‍යාපාරිකයෝ කඩ වහනකොට ජනතාව ඒකට විරුද්ධ වුණේ නැහැ. මොකද මේ වැට්‌ බදු සියලු දෙනාටම බරක්‌ වෙලා. ආණ්‌ඩුව කියනවා මේක තාවකාලිකයි කියලා. ආණ්‌ඩුවේ zඅද නොවෙයි හෙට සහනZ කවදා වෙනකම් ජනතාව බලාගෙන ඉන්නද? ඇත්ත කතාව ආණ්‌ඩුව විශාල ආර්ථික අර්බුදයක ඉන්නවා කියන එකයි.

ජ.වි.පෙ. මධ්‍යම කාරක සභික, පළාත් සභා මන්ත්‍රී, නීතිඥ සුනිල් වටගල මහතා-

මේ වෙලාවේ ආණ්‌ඩුව නව රේගු පනතක්‌ ගේන්න උත්සාහ කරනවා. තිබෙන රේගු පනතට සංශෝධනයක්‌ ලෙස නොව නව රේගු පනතක්‌ විදියටයි මෙම පනත ගේන්න නියමිත වෙලා තිබෙන්නේ. ඒ සඳහා ආණ්‌ඩුව කියන හේතුව තමයි දැන් තිබෙන රේගු පනත ඉතා පැරණි එකක්‌ කියන කාරණය. පනතේ පළමු වාක්‍යයෙන්ම ආණ්‌ඩුව කියන්න උත්සාහ කරන්නේ එයයි. දැන් තිබෙන රේගු පනතේ වගන්ති 167 ක්‌ තිබුණා. 1988″ එයින් වගන්ති දෙකක්‌ ඉවත් කළා. ඉතිරි වුණු වගන්ති 165න් 125 ක්‌ම සංශෝධනය කර තිබෙනවා. රේගු පනතේ අරමුණු 4 ක්‌ තිබෙනවා. බදු අයකර ගැනීම, නීතිය බලාත්මක කිරීම, ව්‍යාපාරිකයින්ට සහන සැලසීම සහ සමාජ ආරක්‍ෂණයයි.

මෙම දැනට තිබෙන රේගු පනත හරහා දේශපාලකයන්ට තමන්ගේ සුවච කීකරු ගෝලයින් නීතිමය හබයකට කොටු වීම වළක්‌වා ගැනීම අසීරු වෙලා තිබෙනවා. ඒ නිසා ඔවුන් උත්සාහ කරනවා නීතිය ලිහිල් කරන්න. මෙම රේගු පනත තවත් නීතිමය අණපනත් ගණනාවකට සම්බන්ධ වෙනවා. සුරා බදු වැටලීමක්‌ කළොත් එය සුරාබදු පනතට සම්බන්ධ වෙනවා. මත්ද්‍රව්‍ය වැටලීමක්‌ කළොත් ඒ හා සම්බන්ධ නීතිවලට සම්බන්ධ වෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles