විමල් , වාසු, ගම්මන්පිල වෙනම ගමනකට සැරසෙන ලකුණු

0
279

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැර ශආණ්ඩුව නියෝජනය කරන සෙසු දේශපාලන පක්ෂ ලබන මාර්තු මුල් සතියේ සිට වෙනත් ගමනක් යෑම ඇරඹීමට සූදානම් වෙන බව වාර්තා වෙනවා.

උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර, ටිරාන් අලස්,,විමල් වීරවංශ ප්‍රමුඛ මේ කණ්ඩායම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ ද මේ පිළිබඳ සාකච්ඡා ආරම්භ කර ඇතැයි මාධ්‍ය වාර්තා කරනවා. අනුරාධපුර රැළියේ සිට පොදුජන පෙරමුණ තනිව කටයුතු කිරීම ආරම්භ කර ඇති බැවින් ආණ්ඩුවේ කටයුතු සඳහා අනෙකුත් පක්ෂවල අදහස් විමසීම නතර කර ඇතැයි අදාළ ආරංචි මාර්ග පෙන්වා දෙනවා.

මේ පක්ෂ නියෝජිතයන් ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු විපක්ෂය නියෝජනය කරන වෙනත් පක්ෂ සමග ද සාකච්ඡා කිරීමට සූදානම් බවට පණිවුඩ යැවීමට තීරණය කර ඇති අතර පෙබරවාරි අවසන් සතියේ දී ඔවුන් කොළඹදී පැවැත්වීමට නියමිත විශේෂ රැස්වීමක් සම්බන්ධයෙන් ප්‍රචාරක කටයුතු ද ඇරඹීමට නියමිත බවයි වාර්තා වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here