ව්‍යාපෘති ලක්ෂය පොදුජන පෙරමුණේ පාක්ෂිකයන්ට පමණයි

0
302

ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘති ලක්ෂයේ ව්‍යාපෘතියේ සහ ආසන මට්ටමින් ක්‍රියාත්මක කෙරෙන ව්‍යාපෘති සියල්ල පොදුජන පෙරමුණේ පාක්ෂිකයන්ට වරප්‍රසාද සැලසෙන ලෙස සැලසුම් කරන ලෙස උපදෙස් දී තිබෙන බව වාර්තා වෙනවා.

මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ විසින් පොදුජන පෙරමුණේ ජාතික සංවිධායකවරයා ලෙස මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන කණ්ඩායම්වලට උපදෙස් දී ඇත්තේ පොදුජන පෙරමුණේ ආසන සංවිධායකවරුන් සහ පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන් සමඟ පමණක් මේ කටයුතු සිදුකරන ලෙසයි. එහිදී ආණ්ඩුව නියෝජනය කරන වෙනත් පක්ෂවල මන්ත්‍රීවරුන්ගේ මැදිහත්වීම් නොසලකා හරින ලෙසත්, ගැටලුවක් මතුවුවහොත් දිස්ත්‍රික් නායකයන් හරහා තමන් සම්බන්ධ කරගන්නා ලෙස උපදෙස් දෙන ලෙසත් ඇමැතිවරයා අවධාරණය කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here