පාර්ලිමේන්තුවෙිදී මන්ත්‍රීවරු කුණුහරුප භාවිතාව වැඩිවෙලා – අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කරයි

0
248

ජනතාවගේ ප්‍රශ්න පිළිබඳව විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අදහස් දැක්වීම් යටපත් කිරීම සඳහා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේදී අසභ්‍ය වචන භාවිත කිරීම ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කර තිබෙනවා. අදාළ අදහස් දැක්වීම් වෙනතකට යොමුකිරීම සඳහා මේ උපක්‍රමය භාවිත කරන බවත් අදාළ ප්‍රශ්න පිළිබඳ මාධ්‍ය අවධානය යොමුවීම වැළැක්වීම එහි අරමුණ වී ඇති බවටත් සැක මතුවන බව ද එම මාධ්‍ය සඳහන් කරනවා.

මීට පෙර අවස්ථා ගණනාවකදී මෙවැනි සිදුවීම් වූ අතර, පුත්තලම දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මායාදුන්න චින්තක විසින් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමානික්කම් පාර්ලිමේන්තුවේ සිය කතාව පවත්වමින් සිටියදී දිගින් දිගටම මෙවැනි අසභ්‍ය වචන භාවිත කිරීමත් සමඟ පසුගිය 08දා මේ පිළිබඳ යළිත් කතාබහක් ඇතිව තිබෙනවා.

සභාවට අගෞරවයක් වන බැවින් එම වචන භාවිත කිරීම නවත්වන්නැයි රාසමානික්කම් ඇතුළු විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් පැවසුවද, මායාදුන්න මන්ත්‍රීවරයා දිගින් දිගටම දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරයාට මෙම වචන භාවිත කරමින් ඔහුව අඩපණ කිරීමට කටයුතු කරනු දැකිය හැකි වුණා.

පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් විසින් මෙවැනි වචන භාවිත කිරීමට එරෙහිව පසුගිය මාස කිහිපය තුළ ආණ්ඩුක පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු වෙත පැමිණිලි කළද, ඊට අදාළව කිසිදු පියවරක් මෙතෙක් ගෙන නොමැති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කතානායකවරයාට ද කරුණු ඉදිරිපත් කර තිබෙන බව වාර්තා වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here