වන අලියෙකුට කරදර කරමින් හිංසා කළ රියැදුරාට ලක්ෂ දෙකක ⁣දඩයක්

0
438

වන අලියකු පසු පස කැබ් රථයකින් ලුහු බඳිමින් එම වන අලියාට හිංසා කිරීමට යම් උපක්‍රමයක් භාවිතා කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

ත්‍රිකුණාමල – හබරණ ප්‍රධාන මාර්ගයේ සැරිසරමින් සිටි වන අලියකු පසුපස මෙම පුද්ගලයා කැබ් රථයකින් ලුහු බඳිමින් ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එකී චෝදනාවට වරද පිළි ගෙන ඇත. පසුව ඔහුට මුදලින් රුපියල් ලක්ෂ දෙකක දඩයක් ගෙවන ලෙස කැකිරාව දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් සමන් වැරණියගොඩ මහතා නියෝග කර තිබේ.

මෙසේ දඩ නියම කර ඇත්තේ රසික ගිම්හාන් ධනංජය රාජසිංහ නැමැති පුද්ගලයෙකුටය.

වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ වන සතුන්ට අවහිර කිරීම් සහ හිංසා කිරීම් තහනම් මාර්ගයක් ලෙස, නම් කර ඇති ත්‍රිකුණාමලය හබරණ ප්‍රධාන මාර්ගයේදී 2021 දෙසැම්බර් 25 වන දින සැකකරු එම වරද සිදු කර ඇති බවට, වනජීවී නිලධාරීහු ඔහුට එරෙහිව කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here