පාර්ලිමේන්තුවෙන් තවත් කොවිඩි පොකුරක් මතුවෙයි

0
288

පාර්ලිමේන්තුවෙන් කොවිඩ්  ආසාදිත සේවකයන්  තවත් 38 දෙනකු අද (11) සොයා ගෙන ඇතැයි එහි ආරංචි මාර්ග පවසයි.

මේ අනුව පාර්ලිමේන්තුවෙන් මෑත භාගයේදී  හමුවී ඇති කොවිඩ්  ආසාදිතයන් සංඛ්‍යාව 70ක් දක්වා ඉහළ යනු ඇත.

කොවිඩ් ආසාදිත මෙම පිරිසේ පොලිස් නිලධාරීහු දෙදෙනෙක්ද පාර්ලිමේන්තුවේ  අංශ ගණනාවක සේවක සේවිකාවෝද ඇතුළත් බව වාර්තා වෙයි.

පාර්ලිමේන්තු සේවක සේවිකාවෝ 120 දෙනෙක් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලට  ඊයේ  යොමු කර ඇති අතර කොවිඩ්  ආසාදිත සේවක සේවිකාවන් 38 දෙනා හමුවී ඇත්තේ  එම පරීක්ෂණවලදීය.

මේ අතර මේ දක්වා කොවිඩ්  ආසාදනයවූ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 49කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here