Saturday, November 2, 2024

ලංකා සතොසට නැවතත් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදින්ගේ බැල්ම හා ආරක්ෂාව!

යහපාලන සමයේ රිෂාඩ් බදුයුදින් අමාත්‍යවරයා යටතේ පැවති ලංකා සතොස ආයතනයේ මහාපරිමාණ  දුෂණ හා අක්‍රමිකතා නිසා සේවය හැරගිය හිටපු නියෝජ්‍ය සාමාන්‍යධිකාරී – මුදල්  ලෙස කටයුතු කළ ආසිරි ප්‍රනාන්දු නමැති දුෂිත නිලධාරියා නැවතත් ලංකා සතොස ආයතනයේ සභාපති ලෙස වැඩ භාරගැනීමට අවශ්‍ය සියළු කටයුතු සිදුවෙමින් පවතී.

මෙහිදී පුදුම සහගත කාරණය නම් පිටකොටුව තොග වෙළදාමේ මහාපරිමාණ සහල් සහ කුළුබඩු ආනයන කරුවෙකු වන “කැපිටල් FM” හිමිකාර රාජේන්ද්‍ර නමැති කූට ව්‍යාපාරිකයා සමග ඉහතින් සදහන් ආසිරි ප්‍රනාන්දුගේ තිබෙන ඍජු සබදතාවයි.යහපාලන සමයේ අමාත්‍ය රිෂාඩ් බදුයුදින්ගේ ආශීර්වාදයෙන් රාජේන්ද්‍ර සහ ආසිරි ප්‍රනාන්දු යහමින් සතොස හොරකෑම එළිපිට සිදුකළ අතර රාජේන්ද්‍රගේ  සහල් සහ කුළුබඩු සැපයීම වලට අමතරව ලංකා සතොස ආයතනයේ තොරතුරු තාක්ෂණ මෘදුකාංග පද්ධති නඩත්තුවද මේ පිළිබද කිසිදු සුදුසුකමක් නොලත් රාජේන්ද්‍ර වෙත පුද කිරීමට තරම් ආසිරි ප්‍රනාන්දු ත්‍යාගශීලි විය

රාජේන්ද්‍ර විසින් සැපයු අදාළ මෘදුකාංග හා මෙවලම් පද්ධතියේ තිබු දෝෂ හේතුවෙන් මහා මුදල් නාස්තියක් සිදුවූ අතර ඉහත කාරණය සහ රාජේන්ද්‍ර සමග සිදුකළ අක්‍රමිකතා හෙළිවීමත් සමගම ආසිරි ප්‍රනාන්දු 2016 වසරේ සේවය හැරයන අතර ඔහුගේ අතිශය හිතවත් රාජේන්ද්‍ර ඔහු යටතේ සේවයකිරීමට රැකියාවක් ලබාදීමට තරම් කාරුණික විය.

මෙවැනි අතිශය දුෂිත පුද්ගල සම්බන්ධයක් හා පසුබිමක් සහිත පුද්ගලයෙක් නව රජය යටතේ ලංකා සතොස ආයතනයේ මුල් පුටුවට පත්කිරීම රිෂාඩ්, රාජේන්ද්‍ර වැනි පුද්ගලයන්ට පුද්ගලයන්ට අතිමහත් වාසිදායක කාරණාවක් වනු ඇති අතර මෙමගින් නැවතත් රටට එරෙහි පාර්ශව ලංකා සතොස ආයතනය ඔවුන්ගේ ග්‍රහණයට නතු කරගනු ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles