Friday, November 29, 2024

සතොස සභාපතිවරයා සහ එහි ප්‍රවාහන කළමනාකරුගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට තීරණය කරයි

වහාම ක්‍රියාත්මක වන පරිදි සතොස සභාපති වෙනුර ගුණවර්ධන සහ එහි ප්‍රවාහන කළමනාකරු ඉන්දික රත්නමලලගේ සේවය අත් හිටුවීමට පියවර ගෙන තිබෙනවා.

මෙම තීන්දුව ඊයේ (11) පස්වරුවේදී ගෙන ඇති බවයි වෙළෙඳ අමාත්‍යාංශය නිවේදනය කළේ.

වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන විසින් අදාළ තීරණය ගෙන තිබෙනවා.

මුල්‍ය අක්‍රමිකතා රැසක් සම්බන්ධයෙන් පරීක්ෂණ නිමවන තෙක් සතොස සභාපතිවරයා ඇතුලූ නිලධාරීන් කිහිප දෙනෙකුගේ සේවය අත්හිටුවන්නැයි වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් උපදෙස් දී තිබෙනවා.

සතොස ආයතනයේ සිදු වූ බව කියන අයථා ගනුදෙනු මීට බලපා ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

2019 සිට 2021 දක්වා සිදුවු බව කියන මූල්‍ය අක්‍රමිකතා, අයථා ගනුදෙනු සියල්ල සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙසද, ඒ සඳහා වෙනත් රාජ්‍ය ආයතන නිලධාරින් 03 දෙනෙකුගෙන් සමන්විත පරීක්ෂණ කමිටුවක් පත්කරන ලෙසද අමාත්‍යංශ ලේකම්වරියට උපදෙස් දුන් බවද අමාත්‍යවරයා කියාසිටියා.

සතොස ආයතනයේ සිදු වූ බව කියන හඬ පටයක් සම්බන්ධයෙන් හෙළි වූ කෝටි තුනහමාරක අයථා ගනුදෙනු කියවෙන කාරණා පමණක් නොව 2019 සිට 2021 දක් වූ  වසර තුන තුළදීම සිදුවු මූල්‍ය අක්‍රමිකතා, අයථා ගනුදෙනු සියල්ල සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙසද, ඒ සඳහා වෙනත් රාජ්‍ය ආයතන නිලධාරින් තිදෙනෙකුගෙන් සමන්විත පරීක්ෂණ කමිටුවක් පත්කරන ලෙසද ලේකම්වරියට උපදෙස් දුන් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

රාජය ආයතන ප්‍රධානියකුගේ කෝටි තුනහමාරක අයථා ගනුදෙනුවක් සම්බන්ධයෙන් කියවෙන හඬ පටයක් පසුගිය දිනවල එම ආයතනයේ ප්‍රධානීන් අතට පත්ව ඇත.

එම හඬ පටයට අනුව රුපියල් කෝටි තුනහමාරක මුදල් ගනුදෙනුවට මෙම නිලධාරියා සෘජුව හා වක්‍රව සම්බන්ධ ගනුදෙනුවලින් එකක් පමණකි. තවත් අක්‍රමිකතා රැසක් එම හඬපටයෙන් අනාවරණය වන බව ආයතන ආරංචි මාර්ග කියයි.

එම හඬපටයෙන් කියැවෙන පරිදි මෙම රුපියල් කෝටි තුනහමාර ලබාදී තිබෙන්නේ දැනට සීනි මිලදී ගන්නා ව්‍යාපාරිකයා ඉවත් කර එය තමන් වෙත එය ලබාගැනීම වෙනුවෙනි. ඔහු මොරටුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු බව ද ආරංචි මාර්ග කියයි.

එයට අමතරව ආයතනය සතු යකඩ විකිණීම, පැරණි වාහන විකිණීම, ආයතනයේ දැනට පවතින විදුලි සෝපානය ඉවත් කිරීම හා අලුතෙන් සෝපානයක් සවි කිරීම, මුං ඇට මිලදි ගැනීම ඇතුලු කාරණා රැසක් වෙනුවෙන් ප්‍රශ්නගත සභාපතිවරයා සිය ගෝලයා වු එම ආයතනයේ ප්‍රවාහන අංශයේ කළමණාකාරු සමග එක්ව අයථා ගනුදෙනු රැසක් සිදුකර ඇති බවද එම හඬ පටයෙන් හෙලිවේ.

ගනු දෙනුවලට අතරමැදියා වූ ප්‍රවාහන අංශයේ කළමණාකරු පසුගිය දෙසැම්බර් මාසයේ සිට සේවයට වාර්තා කර නැත. ඔහු එසේ සේවයට වාර්තා නොකිරීම නිසා කෝටි තුනහමාරක මුදලක් ප්‍රවාහන අංශ කළමණාකරුට ලබාදුන් ව්‍යාපාරිකයාට සැකයක් ඇති වී ගනුදෙනුවට සම්බන්ධ සභාපතිවරයාට ඒ ගැන දැනුවත් කර තිබේ. එහිදි තම ගෝලයා බේරා ගැනීම සඳහා මෙම සභාපතිවරයා පැය දෙකකට ආසන්න කාලයක් පෙර කී ව්‍යාපාරිකයා සමග සාකච්ඡා කර ඇති බවද එම හඬපටය අනුව අනාවරණය වේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles