රාගම වෛද්‍ය පීඨයේ සිසුන්ට පහර දීම ගැන හොයන්න ඇමති කමිටුවක් පත් කරයි

0
260

රාගම වෛද්‍ය පීඨයේ සිසුන්ට පහරදීමේ සිද්ධියට වගකිවයුත්තන් කවුද යන්න සහ එම සිද්ධියේ පසුබිම සම්බන්ධ විමර්ශනයක් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඇමති කමිටුවක් පත්කරනු ලැබ ඇත.

ඒ අනුව එහි ප්‍රධානියා ලෙස අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා නම්කර තිබේ.

කැබිනට් අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ රමේෂ් පතිරණ පරීක්ෂණ කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස නම්කර ඇත.

මෙම කමිටුව රැස්වී සිද්ධිය ගැන පූර්ණ විමර්ශනයක් සිදුකොට සුදුසු නිර්දේශ ජනාධිපතිවරයා වෙත මසක් ඇතුළත ලබාදිය යුතු බවද දන්වා තිබේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here