පළාත් පාලන මැතිවරණය මිශ්‍ර ක්‍රමයට පැවැත්වීම කෙරෙහි අවධානය

0
261

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය සඳහා පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවධානය කේවල සහ සමානුපාතික නියෝජන ක්‍රමයන් මිශ්‍ර වූ ක්‍රමයක් යටතේ පැවැත්වීමට අවධානය යොමුවී තිබේ.

ඒ අනුව නියෝජිතයින් 60% ක් කේවල ක්‍රමය යටතේද 40%ක් සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ ද තෝරා ගැනීම පිළිබඳ සාකච්ඡා වී ඇත.

එසේම පළාත් පාලන මැතිවරණයේදී කාන්තා නියෝජනය වැඩි කිරීම අරමුණු කරගෙන සෑම දේශපාලන පක්ෂයක්ම නාමයෝජනා ලැයිස්තුවෙන් කාන්තාවන්ට වැඩි ඉඩක් ලබාදීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා වී තිබේ.

මීට අමතරව මැතිවරණයේදී ජය ගන්නා පක්ෂයට ප්‍රසාද මන්ත්‍රී ආසනක් ලබාදීමටත්, පළාත් පාලන ආයතන වල දැනට සිටින නියෝජිතයින් ප්‍රමාණය අඩු කළ යුතු බවටද මෙහිදී අවධානය යොමු වී ඇතැයි වාර්තා වෙයි.

තවද මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් ස්වාධීන රූපවාහිනී සේවය සහ එම්. ටී. වී. (පෞද්ගලික) නාලිකාව විසින් ඉදිරිපත් කරනු ලැබූ යෝජනා සභාගත කිරීමද මෙහිදී  සිදුව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here