දේශියව හා ජාත්‍යන්තර වශයෙන් පුවත් මැවූ මාතෘකාවක් බවට පත් වූ ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තරඟය මෙය වන විටත් සමාජ මාධ්‍ය තුළ දැඩි ලෙස කතාබහට ලක්වෙන මාතෘකාවක්.
ශ්‍රී ලංකාවේ එම නාමය දරන පුෂ්පිකා ද සිල්වා මහත්මිය ගෙන් එය අවලංගු කිරීමට පසුගිය දිනක ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ සංවිධානයේ අධ්යක්ෂ චන්දිමාල් ජයසිංහ කටයුතු කරනු ලැබුවා.
ඒ අනුව ශ්‍රී ලංකාවේ විවාහක රූ රැජිණ යන නාමය මේ වන විට පුෂ්පිකා ද සිල්වා මහත්මියට දේශීය හෝ ජාත්‍යන්තර වශයෙන් භාවිතයට ගැනීම වාරණයට ලක්ව තිබේ.
මේ ඇති වූ ආරවුල් සහ ඇයට කිරුළ අහිමි කිරීම සම්බන්ධයෙන් එහි අධ්යක්ෂ චන්දිමාල් ජයසිංහ මහතා යූටියුබ් නාලිකාවක් හා සම්බන්ධ වෙමින් සුගිය දිනක අදහස් දක්වා තිබුණා.එහිදී ඔහු දැඩිව කියා සිටියේ පුෂ්පිකා ද සිල්වා මහත්මිය තවදුරටත් ශ්‍රී ලංකාවේ විවාහක රූ රැජිණ නොවන බවයි.
එමෙන්ම මෙම සියලු කටයුතු පිටුපස රුපියල් ලක්ෂ 330 ක් වියදම් කළ දේශපාලනඥයෙක් ද සිටින බව චන්දිමාල් සඳහන් කර තිබුණා. අදාළ දේශපාලනඥයා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන පුද්ගලයකු බවත්, ඔහු කවුදැයි නම සදහන් කළ නොහැකි බවත් චන්දිමාල් ජයසිංහ විසින් සඳහන් කළා.