විපක්ෂයෙන් ඒකාබද්ධ නිවේදනයක් !

0
519

විපක්ෂය විසින් ඒකාබද්ධ නිවේදනයක් මේ වන විට නිකුත් කර ඇත. ඒ වර්තමාන ආර්ථික අවපාතනයට රජය වහා පියවරක් ගත යුතු බව පවසමිනි.

එහිදී ඔවුන් මූලික ගැටලු 4ක් හඳුනාගෙන ඇත.

01 . 2020 අප්‍රේල් මාසයේ සිට ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර නිකුත් කිරීම හරහා ජාත්‍යන්ර මූල්‍ය වෙළෙඳපොළෙන් ණය ගැනීමට ශ්‍රී ලංකාවට ඇති අවස්ථාවන් අහිමි වීම එහි ප්‍රමුඛ කරුණයි.

02 . ශ්‍රී ලංකාව සතු විදේශ සංචිත මසකට අවශ්‍ය කරන ආනයන වලටවත් ප්‍රමාණවත් නොවීම නිසා රට සතුව නිදහස ලැබූ දින සිට තිබූ අවම විදේශ විනිමය ප්‍රමාණය පැවතීම.

03. 2020 වසරේදී වාර්තා වූ රජයේ ආදායමෙන් 70% ක් වූ ණය පොලී වියදම ඉතිසාහයේ වාර්තා වූ ඉහළම ණය පොලී අනුපාතය වීම.

04. පසුගිය වසර දෙක තුළ සමස්ත රාජ්‍ය ණය ප්‍රමාණය රටේ දළ දේශිය නිෂ්පාදනයෙන් සියයට 95 සිට සියයට 120 ක් දක්වා ඉහළ යාම එම කරුණු 4 යි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කබීර් හෂීම් , හර්ෂ ද සිල්වා , එරාන් වික්‍රමරත්න , හා ලංකා සම සමාජ පක්ෂය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස විතාරණ , දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආර් .සම්බන්ධන්, එම්. ඒ සුමන්තිරන් හා ශානක්යා රාසමාන්කම් , දෙමල ප්‍රගතිශිලි සන්ධානය වෙනුවෙන් මනෝ ගනේෂන් වෙනුවෙන් රිෂාඩ් බදුයීදීන් සහා වෙනුවෙන් රවුෆ් හකීම් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙම නිවේදනයට අත්සන් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here