ඩොලර් හිඟය හේතුවෙන් ආනයන පිළිබඳ අර්බුදයක් පැන නැගී තිබෙන පසුබිමක වුවද ඉකුත් වසරේ ඇමරිකානු ඩොලර් මිලියන විසිදහස් හයසියතිස් හතක වෙළඳ භාණ්ඩ මෙරටට ගෙන්වා ඇති බව මහ බැංකු වාර්තා පෙන්වා දෙනවා.
වෙළඳ භාණ්ඩ ආනයනය ප්‍රතිශතයක් ලෙස ඉකුත් වසරට වඩා 28% කින් ඉහළ ගොස් ඇති බවයි එම වාර්තා පෙන්වා දෙන්නේ.
ඉකුත් වසරට අදාළව විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව මහ බැංකුව ඊයේ නිවේදනය කළා.
ඒ අනුව මෙරටින් ඉකුත් වසරේ අපනයන මඟින් ලබා ඇති ආදායම ඩොලර් මිලියන 12,502 ක්.
එය 2020 සපේකෂව 24.4% වර්ධනයක්.
මේ අතර, ශ්‍රී ලාංකිකයන් මෙරටට ලැබෙන විදේශ ප්‍රේෂණ ඉකුත් වසරට සාපේකෂව 22.7 කින් පහත බැස තිබෙනවා.
ඉකුත් වසරේ දී එය ඩොලර් මිලියන 7,104 ක් ලෙස දැක්වුණද 2021 වසරේ එය පෙන්නුම් කර ඇත්තේ 5,491 ක් ලෙසයි.
මෙරට සංචාරක ඉපැයීම් ඉකුත් වසරට වඩා සෘන 61.7% කින් පහත වැටී තිබෙනවා.
විදේශ අමාත්‍යාංශයේ වාර්තාවලට අනුව 2020 වසරේදී සංචාරක ඉපැයීම් ද ඩොලර් මිලියන 682 ක් ලෙස පෙන්නුම් කළ ද 2021 වසරේ එය පෙන්නුම් කර තිබෙන්නේ ඩොලර් මිලියන 261 ක් ලෙසයි.