යුක්රේන අර්බුදය මැද්දේ අමෙරිකා – රුසියා ජනපතිවරුන් අතර දුරකථන සංවාදයක්

0
300

රුසියානු ආක්‍රමණයක් හමුවේ යුක්රේනයෙන් වහා ඉවත් වන්නැයි තවත් රටවල් කිහිපයක් සිය පුරවැසියන්ට දන්වා තිබෙනවා.

කිව් අගනුවර පිහිටා ඇති සිය තානාපති කාර්යාලය වසා දැමීමටයි ඔිස්ට්‍රෙිලියාව තීරණය කර ඇත්තේ.

එහි කාර්ය මණ්ඩලයට වහාම වෙනත් නගරයකට ගමන් කරන ලෙසද ඔවුන් දැනුම්දී තිබෙනවා.

මේ අතර උද්ගතව ඇති තත්වය සම්බන්ධයෙන් අමෙරිකා – රුසියානු ජනාධිපතිවරුන් අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ආක්‍රමණයක් සිදුවුවහොත් එමගින් පීඩාවට පත්වනුයේ නිරායුධ සිවිල් ජනතාව බවයි අමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් එහිදී පෙන්වා දී ඇත්තේ.

කිසියම් අයුරකින් රුසියාව විසින් යුක්රේනයට පහර දුනහොත් සියලු මිතුරු හමුදා සමග ඒකාබද්ධව ප්‍රතිප්‍රහාර දෙන බවටත් අමෙරිකා ජනාධිපතිවරයා විසින් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටින්ට අනතුරු අගවා තිබෙනවා.

ලබන 20 වන දිනට පෙර රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කරනු ඇති බවට රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග නිල නොවන වාර්තා පළ කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here