කහ ස්වයංපෝෂිතයි කිවිවට වැඩක් නෑ . කහ ග්‍රෑමි 25ක් 190 /-

0
289

ඇතැම් ව්‍යාපාරිකයින් ඉතාමත් වැඩි මිලට හෙණ වදින මිලට කහ කුඩු අලවි කරන බවත් ග්‍රෑමි 25 190 මිලට ලබාදෙන බවත් වැඩි දිනක් මේ ආකාරයෙන් කහ මිල පවත්වාගෙන යෑමට වෙළදුන්ට ඉඩ නොදෙන බව කුඩා වැවිලිභෝග ආශ්‍රිත් අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පලකර සිටියේ කොළොන්න ප්‍රදේශයේ වගාවන් සදහා කුරුදු පැල නොමිලයේ ලබාදීමේ උත්සව අවස්ථාවන්ට එක්වෙමිණි.

මෙම අවස්ථාව සදහා රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතාද සහභාගී විය. මෙම පැල බෙදාදීමේ උත්සව අවස්තා කොළොන්න හේනග්ගොඩ සහ කොළොන්න, යන ප්‍රදෙද්ශ වල සංවිධනය කර තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here