නාමල්ට සැප නෑ – නිදාගන්න ඇතිරිල්ලක් පමණයි.

0
396

බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසන අන්දමට, රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාමල් රාජපක්‍ෂ මහතාට ලබාදී ඇත්තේද සෙසු සැකකරුවන්ට ලබාදෙන පහසුකම්ම පමණයි.

E වාට්ටුවේ සිරමැදිරියක මේ වනවිට නාමල් රාජපක්‍ෂ මහතා රදවා සිිටින අතර, එම මහතාට නිදා ගැනීමට ලැබී ඇත්තේද ඇතිරිල්ලක් පමණයි බවයි සඳහන් වෙන්නේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාද මිට වසර 30කට පමණ පෙර බන්ධනාගාර ගත කෙරුණු අවස්ථාවේදී මෙම සිර මැදිරියේම රදවා තිබූ බවයි සඳහන් වෙන්නේ.

නාමල් මහතා, තමන්ට නිවසින් ගෙනන ආහාර ලබාදෙන ලෙස බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර ඇත. එම ඉල්ලීමට අවසර දුන් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු මාධ්‍යට පවසා ඇත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here