උත්සන්න වන යුද උණුසුම සම්බන්ධයෙන් සාකච්ඡාවකට අවස්ථාවක් දෙන්නැයි යුක්රේනය රුසියාව සහ යුරෝපා රටවල් කිහිපයකින් ඉල්ලීමක් කර තිබෙනවා.
කෙසේවෙතත් භට පිරිස් වැඩි කිරීම සම්බන්ධ කිසිදු සාකච්ඡාවකට තමන් සහභාගී නොවන බවයි රුසියාව අවධාරණය කරන්නේ.
ඉදිරි පැය 48 තුළ මෙම සාකච්ඡාව ලබාගැනීම යුක්රේනයේ අරමුණ වී තිබෙනවා.
අමෙරිකානු බුද්ධි අංශ පවසන්නේ ලබන බදාදා වනවිට රුසියාව විසින් යුක්රේනය ආක්රමණය කරනු ඇති බවයි.
බටහිර රටවල් රැසක් විසින් දැනටමත් සිය තානාපති කාර්ය මණ්ඩල සහ පුරවැසියන් යුක්රේනයෙන් ඉවත් කරගෙන අවසන්ය.