මෙම කන්නයේ මෙට්‍රික් ටොන් 31,600 ක වී මිලදී ගනී

0
291

වී මෙට්‍රික් ටොන් 31,600 ක් මෙම කන්නයේ මේ දක්වා මිලදී ගෙන ඇතැයි වී අලෙවි මණ්ඩලය පවසනවා. අම්පාර, ත්‍රිකුණාමලය, මඩකලපුව, අනුරාධපුරය, වැනි ප්‍රදේශවලින් මේ වනවිට වී මිලදි ගෙන ඇති බව වී අලෙවි මණ්ඩලය සඳහන් කරනවා.

නාඩු වී කිලෝවක් රුපියල් 90 කට – සම්බා වී කිලෝවක් රුපියල් 92 කට සහ කීරි සම්බා වී කිලෝවක් රුපියල් 95 ක මිලකට මිලදී ගන්නා බව වී අලෙවි මණ්ඩලය සඳහන් කළේය.

වී අලෙවි මණ්ඩලයේ ශාඛාවලට වී ගෙනවිත් දෙන්නේ නම් නාඩු වී කිලෝවකට රුපියල් 92 ක්, සම්බා වී කිලෝවකට රුපියල් 94 ක්, කීරි සම්බා වී කිලෝවකට රුපියල් 97 ක් ලෙස කිලෝවකට වැඩිපුර රුපියල් 02 ක මුදලක් ලබා දෙන බවත් වී අලෙවි මණ්ඩලය සඳහන් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here