Sunday, September 22, 2024

මානව හිමිකම් සැසියේදී ශ්‍රී ලංකා රජය ගෝලීය පිළිගැනීම අපේක්ෂා කරනවා – විදේශ කටයුතු අමාත්‍ය

ඩොලර් බිලියන 2.4ක ණය මුදලක් ඉන්දියාවෙන් ඉදිරියේ දී මෙරටට ලැබීමට නියමිත බව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පිරීස් ප්‍රකාශ කළා. කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා පැවසුවේ එම ගිවිසුම්වලට අත්සන් තැබීම සදහා මෙම මාසයේ දී යළි ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිත බවයි.

මෙි අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) 49 වැනි නිත්‍ය සැසිවාරයේ දී ජාත්‍යන්තර ප්‍රජාව ශ්‍රී ලංකාව දෙස අපක්ෂපාතී ඇසකින් බලා එහි ස්ථාවරය පිළිගෙන ඉදිරි දිනයේදී රට පිළිබඳ නිගමනවලට එළැඹෙනු ඇතැයි ශ්‍රී ලංකා රජය බලාපොරොත්තු වන බවද විදේශ අමාත්‍යවරයා පැවසුවේය.

ජගත් මානව හිමිකම් කොමිසමේ 49 වැනි සැසිවාරය මේ මස 28 වන දා ජීනිවා නුවර දී ආරම්භ වන අතර එහි මහකොමසාරිස් මිචෙල් බැචලේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කරන වාර්තාව මාර්තු මස 03 වනදා කොමිසම හමුවේ සාකච්ජාවට ලක් කෙරෙනවා. එහි පිටපතක් ඊයේ විදේශ අමාත්‍යාංශයට ලැබුණු බවත්, ලබන 19 වනදාට පෙර ඊට ප්‍රතිචාර දක්වන බව මාධ්‍ය හමුවේදී විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

සංහිඳියාව සහ මානව හිමිකම් සම්බන්ධ ගැටළු සඳහා ඕනෑම දිගුකාලීන විසඳුමක් ශ්‍රී ලංකාවේ සංස්කෘතියට සහ එහි ජනතාව සමඟ අනුකූල විය යුතු බව විදේශ අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පවසා සිටියා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles