ෂෙහාන් මාලකට ඇප නියම වෙයි

0
306

සිවිල් ක්‍රියාකාරි ෂෙහාන් මාලක ඇප මත මුදා හරින ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
පසුගිය දා මාධ්‍ය හමුවකදී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශයකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ පානදුර ප්‍රදේශයේදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණා.

එම මාධ්‍ය හමුවක සම්බන්ධයෙන් පසුගිය දා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඔහුගෙන් ප්‍රකාශයක් ද සටහන් කරගෙන තිබිණි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහු සිදුකළ ප්‍රකාශයකට අදාළ නීතිපතිවරයාගේ උපදෙස් මත ඔහුව අත්අඩංගුවට ගත් බව ඊයේ (14) වාර්තා විය.ඒ අනුව ෂෙහාන් මාලක ගමගේ ව පානදුර ප්‍රදේශයේදී CIDය විසින් එලෙස අත්අඩංගුවට ගෙන තිබුණි.

ශෙහාන් මාලක පසුගිය දිනවලදී පාස්කු ප්‍රහාරයේ වගකිවයුත්තන්ට දඬුවම් ලබාදීම සහ වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීම වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කළ පුද්ගලයෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here