පෞද්ගලික අංශයේ වැඩ කරන ජනතාවට අයිති සේවක අර්ථසාධක අරමුදලට 25%ක අධිභාර බද්ධක් පැනවීමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පැවසීය.
2011 වසරේද මේ ලෙසම ආණ්ඩුව විශ්‍රාම වැටුපක් මුවාවෙන් සේවක අර්ථසාධක අරමුදල කොල්ලකෑමේ උත්සාහයක් ගත් බවත් ආණ්ඩුවට සේවක අර්ථසාධක අරමුදල් පිළිබඳ පැවැරී ඇති වගකීම වන්නේ එම මුදල් කළමනාකරණ කිරීම පමණක් බවත් අනුර කුමාර දිසානායක මහතා සදහන් කළේය.
මෙතෙක් පැවැති ආණ්ඩු තමන්ගේ ජාවාරම්කරුවන්ට කොටස් වෙළෙඳපොළේ අයථා ලෙස මුදල් උපයා ගැනීමටත් බැදුම්කර මිලදී ගැනීමේදී තම ගජමිතුරන්ට අයථා ලෙස ධනය උපයා ගැනීමටත් මෙම අරමුදල පාවිච්චි කළ බවත්, මෙම ආණ්ඩුව ද එසේ වැඩ කරන ජනතාවට බදු ගසා රුපියල් බිලියන 65කට අධික මුදලක් නිල වශයෙන් පැහැර ගන්න උත්සාහ කරන බව පැවසූ ඒ මහතා වැඩ කරන ජනතාව ඔවුන්ගේ ධනය කොල්ලකෑමට එරෙහිව පෙළ ගැසිය යුතු බව පැවසීය.
දිනමිණ