කවර යුගයකදීවත් නොවිය යුතු දෙයක් – චමුදිතලේ නිවසට එල්ල වූ ප්‍රහාරය අගමැතිත් හෙළා දකී

0
565

මාධ්‍යවේදී චමුදිතගේ නිවසට ගල්මුල් එල්ල කිරීමේ සිද්ධිය තමා තරයේම හෙළා දකින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා  පවසයි.

දේශපාලනය මුල් කරගෙන යමෙක් මෙම ප්‍රහාරය එල්ල කළේ නම් එම තැනැත්තා විවේචනය දරා ගැනීමට පුරුදු විය යුතු අයකු යැයි ද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙයි.

මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් වහාම නීතියේ රැහැනට කොටු කරගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු කළ යුතු බවත්, මාධ්‍යවේදීන්ගෙන් රටට සිදුවන මෙහෙය තමා අගය කරන බවත් හෙතෙම සඳහන් කරයි.

මෙවැනි සිද්ධීන් කවර යුගයක වුවත් සිදු නොවිය යුතු ඒවා බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here