හදිසි තත්ත්වයක් වුණොත් යුක්රේනයේ ඉන්න ශ‍්‍රී ලාංකිකයන් ගැන ගන්න අවශ්‍ය පියවර

0
487

හදිසි තත්ත්වයක් ඇති වුවහොත් යුක්රේනයේ සිටින ශී‍්‍ර ලාංකිකයන් ඉවත්කර ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටින බව විදේශ අමාත්‍යාංශය පවසයි.

යුක්රේනයේ ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලයක් නොමැති අතර තුර්කියේ අන්කාරා නුවර පිහිටි තානාපති කාර්යාලය හරහා මේ කටයුතු සම්බන්ධීකරණය කරන අතර මේ වනවිට යුක්රේනයේ ශී‍්‍ර ලාංකිකයන් 40 දෙනකු සිටින බවත් ඉන් හත්දෙනකු සිසුන් බවත් වාර්තා වෙයි.

ඇමරිකාව ඇතුළු බොහෝ රටවල් සිය වැසියන්ට යුක්රේනයෙන් ඉවත්වෙන ලෙස නියෝග කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here