කලහකාරී වූ ගුවන් මගියාට ගුවන් සේවිකාවගෙන් කෝපි බඳුනකින් පහරක්!

0
743

ලොස් ඇන්ජලීස් නුවර සිට වොෂින්ටන් දක්වා පියාසර කළ ඇමරිකා ගුවන් සේවයට අයත් ගුවන් යානයක ගමන් ගත් මගියකු කලහකාරී ලෙස හැසිරෙමින් ගුවන් යානයේ පිටවන දොරටුව උඩු ගුවනේදී විවෘත කිරීමට කිරීමට උත්සහ කළ අවස්ථාවේ ගුවන් සේවිකාවක් එය වළක්වා ඇති බව වාර්තා වෙයි.

ගුවන් මගියාගේ එම ක්‍රියාව වැළැක්වීම සහා ගුවන් සේවිකාවක් කෝපි බඳුනකින් එම පුද්ගලයාට දෙවරක්ම පහරදි ඇති අතර සැකකරු කලහකාරී ලෙස හැසිරීමට පෙර ගුවන් සේවිකාවන් වෙත පැමිණ ගුවන් යානයේ සිටින මගීන් තමන්ට අනතුරක් සිදු කිරීමට උත්සහ දරන බව පවසා තිබේ.

එක් මගියෙක් අත තියුණු ආයුධයක් තිබෙන බවද පවසා ඇති අතර ඉන් අනතුරුව ඔහු ගුවන් යානයේ තිබූ ෂැම්පේන් බෝතලයක් ගෙන එය ආයුධයක් ලෙස පාවිච්චි කිරීමට කවුන්ටරයේ ගසා කැඩීමට උත්සහ දරා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here