මම තමයි එකම සභාපති මාව අයින් කරන්න කාටවත් බැහැ.ඉවත් කළ සතොස සභාපති කියූ සතොස සභාපති යළි සේවයට එයි

0
482

වෙළඳ ඇමති බන්දුල ගුණවර්ධන මහතාගේ නියෝගයෙන්  වැඩ තහනමකට ලක් වූ බව කියන සතොස සභාපතිවරයා සහ එහි ප්‍රවාහන කළමණාකරු අද (15) යළි සේවයට වාර්තා කර තිබේ.

ඒ අනුව සමුපකාර තොග වෙළඳ සංස්ථාවේ සිදුවූ රුපියල් කෝටි තුනහමාරක අයථා මුදල් ගනුදෙනුවක් හේතුවෙන් සේවය අත්හිටවූ සතොස සභාපති වෙනුර ගුණවර්ධන සහ එහි ප්‍රවාහන කළමනාකරු ඉන්දික රත්නමලල අද හදිසියේ නැවතත් සතොස මූලස්ථානය වෙත පැමිණ එහි වැඩ කටයුතු ආරම්භ කර තිබෙනවා.

යළී සේවයට පැමිණ ඔහු “මම තමයි එකම සභාපති මාව අයින් කරන්න කාටවත් බෑහැ” යැයි පවසා ඇති බවද වාර්තා වේ.

කෙසේ වෙතත් රාජකාරි අත්හිටවූ සභාපතිවරයා නැවත මෙලෙස පැමිණියේ කුමන හේතුවක් නිසා දැයි මෙතෙක් තහවුරු වී නැහැ.

පසුගිය කාලසීමාව තුළදී සමුපකාර තොග වෙළඳ සංස්ථාව තුල සිදු වූ ගනුදෙනුවලදී රුපියල් කෝටි තුනහමාරකට අධික මුදලක් සම්බන්ධයෙන් වාර්තා නොමැති වීම පිළිබඳව සතොස සභාපතිවරයාට චෝදනා එල්ල වුණා.

ඒ අනුව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන අමාත්‍යාංශ ලේකම්වරියට නියෝග කර තිබුණේ මේ සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන කටයුතු නිමාවන තෙක් සභාපතිවරයාගේ සේවය අත්හිටුවන ලෙසයි.

ඒ අනුව මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමට ස්වාධීන පරීක්ෂණ කමිටුවක් පත්කරනු ලැබුවා.

එම පරීක්ෂණ කමිටුවේ විමර්ශන කටයුතු මෙතෙක් අවසන් වී නොමැති බවටයි වාර්තා වන්නේ.

තත්වය එසේ තිබියදී සේවය අත්හිටවූ සමුපකාර තොග වෙළද සංස්ථාවේ සභාපතිවරයා අද උද උදෑසන නැවත සිය අසුනට පැමිණ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමට ද එක්වී තිබෙනවා.

කෙසේ වෙතත් හදිසියෙ පැමිණ නැවත මෙලෙස සතොස සභාපති පුටුවේ වාඩි වූ වෙනුර ගුණවර්ධනගෙන් මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී ඔහු පවසා ඇත්තේ තමා ගේ සේවය අත්හිටුවීමක් පිළිබඳ කිසිදු දැනුම්දීමක් මේ වන තෙක් සිදු කර නොමැති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here