පරිසරවේදියාට ගුටි

0
441

මාධ්‍යවේදියකු මෙන්ම පරිසරවේදියකු ද වන දයා නෙත්තසිංහ මහතාට නෙළුවේදී පිරිසක් පහර දී ඇතැයි පොලිසිය කියයි.

ආඳාදොල කුඩා විදුලිබලාගාරයක් ඉදි කිරීම හා පරිසර හානි සම්බන්ධයෙන් පැවැති රැස්වීමක දී මෙම පහරදීම සිදුවී ඇතැයි පොලිසිය පවසයි.

ඔහු කළ ගවේෂණය අනුව සොයා ගත් කාරණා සම්බන්ධයෙන් එම රැස්වීමේදී ප්‍රකාශ කිරීමෙන් පසු මෙම පහරදීම සිදුවී ඇතැයි කියති.

පහරදීම සිදුවන අවස්ථාවේ වාරිමාර්ග දෙපාර්තමේන්තු නිලධාරීන් ද, නෙළුව ප්‍රාදේශීය ලේකම් ද, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය නිලධාරීන්ද එහි සිටි බව පොලිසිය පවසයි.

තමාට පහර දුන්නේ දේශපාලන හිතවතුන් පිරිසක් බව නෙත්තසිංහ මහතා කියයි.

සැකකරුවන්   සොයා පරීක්ෂණ පවත්වන බවත් නෙළුව පොලිසිය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here