නවම්පුර පසළොස්වක පෝය දිනය අදයි

0
721

නවම්පුර පසලොස්වක පෝය දිනය අදට (16) යෙදී ඇත.

ශාසන ඉතිහාසයේ මෙම පෝය දින සිදුවූ සුවිශේෂ වූ කාරණා රාශියක්‌ සඳහන් වෙයි.

සැරියුත්, මුගලන් දෙනමට අග්‍රශාවක තනතුරු පිරිනැමීම ඉන් ප්‍රධාන වන අතර ප්‍රථම සංඝ සන්නිපාතය සිදුවීම, ඕවාද ප්‍රාතිමෝක්‍ෂය මහා සංඝයාට දේශනා කිරීම, බුදුහිමි පිරිනිවන් පෑමට තෙමසකට පෙර ආයු සංස්‌කාරය අතහැරීමට ඉටා ගැනීම බුදු හිමියන් විසින් ප්‍රකාශයට පත්කිරීම යන කරුණු ඒ සමඟ බැඳී ඇත.

උඳුවප්, දුරුතු යන මාස ප්‍රධානව එළැඹි සිටි ශීත සෘතුව ගෙවී යද්දී එළැඹෙන හේමන්ත සෘතුව පසළොස්‌වක පෝය හෙවත් නවම් මාසේ පෝය උදාවත්ම බෞද්ධයාට වැදගත් වන බුද්ධ චරිතය හා බැඳුණු වැදගත් කාරණා රාශියක්‌ම සිතට නැඟෙන්නේ නිරායාසයෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here