චමල් මන්ත‍්‍රී ෆොන්සේකාට පහර දෙන්න එද්දී ඔහුව බෙිරාගත්තේ අපි ඇතුළු මන්ත්‍රීවරු පිරිස

0
307

අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතාට පහර දීමට උත්සාහ කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසයි.

එම අවස්ථාවේ තමන් ඇතුළු පිරිස මැදට පැමිණ ඔහු බේරා ගත් බවද හෙතෙම පැවසීය.

එදා ගුටි කෑමෙන් බේරිම සඳහා පැන දිවූ සරත් ෆොන්සේකා මහතා අද තමන්ගේ පාක්ෂිකයන් ඉදිරියේ වීරයෙකු සේ අදහස් පළ කරන බවද කියා සිටියේය.

ඒ මහතා මේ බව කියා සිටියේ නාරාහේන්පිට අභයාරාමයට පැමිණ එහි නායක හිමියන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here