දින 9 ක් පුරා ගෙනගිය සෞඛ්‍ය වැඩ වර්ජනය තාවකාලිකව නවතා දැමීමට ගත් තීරණ හමුවේ අද සිට නැවතත් සෞඛ්‍ය සේවාව යථා තත්වයට පත්කර ඇති බවට සෞඛ්‍ය වෘත්තීය සමිති සඳහන් කරනවා.
ඒ අනුව සෞඛ්‍ය වෘත්තීයවේදින්ට පසුගිය දිනවලදී අතපසු වූ රාජකාරි ද ඉටුකරමින් සත්කාර සේවා අඛණ්ඩව පවත්වාගෙන යමින් සිටින බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ කැදවුම්කරු රවී කුමුදේශ් මහතා පැවසුවා.
කෙසේ නමුත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ආරම්භ කල වර්ජනය දින 14 කට පමණක් අත්හිටුවීමට ඔවුන් ඊයේ පියවර ගනු ලැබීය.
ඊයේ ඇතිකර ගත් ඇතැම් එකගතාවලට සෞඛ්‍ය අමාත්‍යරයාට විසදුම් ලබා දීමට නොහැකි බැවින් මෙම ගැටලුව සඳහා ජනාධිපතිවරයාගේ මැදිහත්වීම ඉතා වැදගත් බවද රවී කුමුදේශ් මහතා පැවසුවා.
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ කැදවුම්කරු රවී කුමුදේශ් මහතා වැඩිදුරටත් මෙසේ පැවසීය.
අද උදෑසන 8.00 සිට සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ වර්ජනය තාවකාලිකව අහෝස කරලා තියෙනවා.ඒ අනුව අපේ සේවාවන් නැවත යථා තත්ත්වයට පත්කරලා තියෙනවා. අපේ වෘත්තීයවේදීන් අතපසු වූ රාජකාරීද සමඟ ඉතා වේගයෙන් සත්කාර සේවාවල කටයුතු සිදුකරමින් සිටිනවා.
සෞඛ්‍ය සේවාව බලාගන්න බොහෝ පිරිස් හිටියා. ජනමාධ්‍ය ආයතන හිටියා. රෝගීන් වෙනුවෙන් කතාකරන්න දේශපාලඥයින් හිටියා විශාල කලු මෙහෙයුම් දියත් වුණා. දැන් සෞඛ්‍ය සේවාව අපි බලාගන්නම්. මෙච්චර දවස් රෝගීන්ව බලාගත්ත අය මේ ප්‍රශ්නය විසඳන්න ආණ්ඩුවට බල කරන්න.
අපි බලාපොරොත්තු වෙනවා මේක තාවකාලික වර්ජනයක් අත්හිටුවීමක් විදිහට තවත් දින 14 කින් නැවත වර්ජනය පටන් ගන්න. අපි සෞඛ්‍ය ඇමැතිවරයා සමඟ අතරමැති එකඟතාවයක් දා ගත්තා. ඒ එකඟතාවලින් සමහර ඒවා ඉටු කරන්න සෞඛ්‍ය ඇමැතිවරයාට හැකියාවක් නෑ.අපි බලාපොරොත්තුවෙනවා ජනාධිපතිවරයාගේ මැදිහත්වීම. ජනාධිපතිවරයාගේ මැදිහත්වීමක් ලැබුණොත් අපිට දින 14 කින් වර්ජනයකට නොගිහින් ඉන්න පුලුවන් වේවි.
අපි නැවත වර්ජනයකට ගියාම රෝගීන් වෙනුවෙන් බොරු කිබුල් කඳුලු හෙලීමෙන් ප්‍රයෝජනයක් නෑ. ඒ නිසා අපි කියන්නේ මේ ප්‍රශ්නය විසඳන දිශාවකට දායකත්වය දෙන්න කියලා.