මත්ද්‍රව්‍ය ජාවාරමට සහාය දුන් හොන්ඩියුරාස් හිටපු ජනපති අත්අඩංගුවට

0
565

හොන්ඩියුරාස් රාජ්‍යයේ හිටපු ජනපති ජුආන් ඩිලැන්ඩෝ එරට පොලිසිය විසින් (15දා) අත්අඩංගුවට ගෙන ඇත.

මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා සහාය දීමේ චෝදනා මත හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර මාංචු දමා ඔහු පොලිසිය මගින් රැගෙන යන අයුරු රූපවාහිනිය ඔස්සේ ප‍්‍රචාරය කරනු ලැබීය.

මාස කිහිපයක සිට හිටපු ජනපතිවරයා තමන්ට භාරදෙන ලෙස ඇමෙරිකාව විසින් ඉල්ලීම් කර තිබිණි.

ජුආන් ඩිලැන්ඩෝ සිය ජනපති පුටුවට සමු දුන්නේ පසුගිය මාසයේය.

හිටපු ජනාධිපතිවරයා ඇමරිකාවට පිටුවහල් කරන්නේද නැද්ද යන්න තීරණය කරන්නේ හොන්ඩියුරාස් ශ්‍රේෂ්ඨාධිකරණය විසිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here