විද්‍යාලය තුල තවත් ගුරුවරයෙකුට පහරදීම්ෙ සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ නාලන්ද විද්‍යාලයේ විදුහල්පති (වසන්ත රංජිත් ජයසුන්දර) නැමැත්තා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙනවා. පාසලේ විදුහල්පති කාමරයේදී තවත් සිසුන් පිරිසක් යොදවා මෙම පහරදීම සිදුකර ඇති අතර එයින් පහර කෑ ගුරුවරයා තුවාල ලබා ඇත.
කෙසේ නමුත්, විදුහල්පතිවරයා පවසා ඇත්තේ, ගුරුවරයා තමාට පහරදීමට තැත් කිරීම නිසා ආත්මාරක්ෂාවට කෑ ගසා සිසුන් පොළඹවා එම ගුරුවරයාට පහර දීම සිදු කළ බවයි. සිද්ධිය අවස්ථාවේ විදුහල්පති කාමරය අසළ සිටි රෝහිණී හපුආරච්චි නමැති ගුරු මහත්මිය පමණක් සිදුවූ සියල්ල හැබැහින් දැක ඇති අතර, එය දැකීමෙන් ඇය ක්ලාන්ත වී ඇත.
තොරතුරු ලැබී ඇත්තේ, විදුහල්පති වරයා මූල්‍යය අක්‍රමිකතා කරනා බවට පහරකෑමට ලක්වූ ගුරුවරයා (සුසන්ත හේරත්) අල්ලස් කොමිසමට පැමිණිලි කිරීම හේතුවෙන් විදුහල්පති මෙලෙස පහරදී ඇති බවයි. සිද්ධිය ඇසින් දුටු ගුරුවරිය මෙහි ඇත්ත තත්වය බොරැල්ල පොලීසියට පවසා ඇත. පහරකෑමට ලත් ගුරුවරයා ම්‍ෙ වනවිය කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.