බන්දුල දකින හිඟන්නාගේ මූණේ පවුඩර් ගෑම..

0
422

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පාලනය කිරීමට ආණ්ඩුව කටයුතු කිරීම හිඟන්නන්ගේ මූණේ පවුඩර් ගෑමක් බව එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

වැට් බදු සංශෝධනයෙන් ජනතාව පිට බදු බර පැටවීම තාවකාලිකව ආපස්සට ගනිමින් භාණ්ඩ කිහිපයක හෝ බඩුමිල අඩුකිරීමට සිදුවූයේ ඒකාබද්ධ විපක්ෂය විසින් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීම නිසා බව හෙතෙම කියා සිටියේ අද(13)කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

භාණ්ඩ කිහිපයක පමණක් මිල අඩුකිරීමෙන් හෝ පාලන මිලක් දැමීමෙන් පමණක් මේ ගැටළුවට විසඳුම් නොලැබෙන බව මන්ත්‍රීවරයා මෙහිදී අවධාරණය කළේය.

මේ හේතුව නිසා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත පරාජය කිරීමට සන්ධානයේ පාර්ලිමේන්තු නියෝජිතයින් විසින් කටයුතු කළ යුතු බව ගුණවර්ධන මහතා සඳහන් කළේය.

බඩු මිල ඉහළයාම වැළැක්විය නොහැකි බවත්,ඩොලරයක් වෙනුවෙන් මීට පෙරාතුව ‍ගෙවූ රු.141 වෙනුවට දැන් 148ක් ගෙවිය යුතුව ඇති බවත්,රුපියල මස්තබාල්දු කොට ඇති බවත් ඔහු මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here