තංගල්ලේදී පොලිස් නිලධාරියෙකු ඝාතනය කෙරේ

0
706

තංගල්ල විතාරන්දෙණිය ප්‍රදේශයේදී 34 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙකු ඝාතනය කර තිබේ.

පොලිසිය පවසන්නේ තියුණු ආයුධයකින් පහර දීමකින් මෙම පොලිස් කොස්තාපල් වරයා ඝාතනය කර ඇති බවයි.

අධිවේගී මාර්ගයේ එක් කසාගල පොලිස් මුරපලට අනුයුක්තව සිට නිවාඩු ලබා සිටි මෙම කොස්තාපල්වරයා ඊයේ රාත්‍රියේ වෙළඳසැලකට ගිය අවස්ථාවේ දී මෙසේ පහර දී ඝාතනය කර ඇත්තේ පෞද්ගලික ආරවුලක් මතයි.

මෙම පොලිස් කොස්තාපල්වරයා දක්ෂිණ අධිවේගී මාර්ගයේ කසාගල අන්තර් හුවමාරුවේ පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරතව සිට තිබෙනවා.

මෙම පහරදීමෙන් අදාළ පොලිස් නිලධාරියාගේ සහෝදරයෙකුද කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here