පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වැළැක්වීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහිව එල්ල වී තිබූ සියලූ චෝදනාවලින් ඔහු නිදොස් කොට නිදහස් කිරිමට කොළඹ මහාධිකරණය අද නියෝග කරනු ලැබුවා.
නාමල් බලල්ලේ ,ආදිත්‍ය පටබැඳිගේ හා මොහොමඩ් ඉර්සදීන් යන කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ඒකමතිකව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදි.
නීතිපතිවරයා විසින් අධිචෝදනා 855 ක් යටතේ පවරා තිබූ මෙම නඩුවෙන් පූජිත් ජයසුන්දර මහතා නිදොස්කොට නිදහස් කෙරුනේ නඩුවේ විත්තියේ සාක්කි කැඳවීමකින් ද තොරවයි.
නිශ්චිත බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියාමාර්ග නොගැනීම තුළින් සාපරාධී ලෙස රාජකාරිය පැහැරහැරීම ඇතුලු චෝදනා යටතේ පූජිත් ජයසුන්දර මහතාට එරෙහිව මෙම නඩුව ගොණු කර තිබුණා.
පසුගිය මස 19 වනදා මේ සම්බන්ධ සාක්ෂි විභාගය අවසන් කෙරුනා.
මීට අමතරව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාත් පාස්කු ප්‍රහාරය සම්බන්ධ සියලු චෝදනා වලින් නිදෝ කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද (18) නියෝග කළේය.