අද(18) දින සිට වරින් වර දිනකට දෙවරක් විදුලිය කප්පාදු කිරීමට සිදුවන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.
මෙම විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගීතා කොමිසම අවසර ලබාදී තිබෙනවා.
ඒ අනුව කලාප කාණ්ඩ හතරක් යටතේ සවස 2.30ත් 6.30ත් අතර පැයක කාලයකුත් සවස 6.30ත් රාත්‍රී 10.30ත් අතර විනාඩි 45ක කාලයකුත් විදුලිය කප්පාදු කෙරෙන බව මහජන උපයෝගීතා කොමිසම් සභාවේ සභාපති ජනක රත්නායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මේ අතර, ඉන්ධන නො මැතිකම හේතුවෙන් විදුලි උත්පාදනය ඇණහිටි කැලණිතිස්ස සොජිට්ස් බලාගාරය තවත් ප්‍රකෘති තත්ත්වයට පැමිණ නෑ.
මේ අතර ඉන්ධන සඳහා පනවා ඇති බදු ඉවත් කරන ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගෙන් අද දිනයේ ලිඛිත ඉල්ලීමක් සිදුකළ බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ප්‍රකාශ කළා.